රජයෙන් පොත් නොමිලේ ලබාදෙන අතරතුර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේත්තුවට පොත් විකිණිමේ ව්‍යාපාරයක් පටන්ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා  පැවැසීය.

මෙලෙස ඔවුන් විකුණනු ලබන්නේ
බස්නාහිර පළාතේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන සිසු සිසුවියන්ට අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොතකි.

මෙම පොතක් ගුරුවරුන්ට ලබාදී ඇති  අතර පසුව ළමුන්ටද රුපියල් 130 බැගින් වූ මිලකට ලබාගන්නා ලෙසද ගුරුවරුන්ට දැනුම් දී ඇතැයි ඔහු පැවැසීය. ඒ අනුව සිසුන්ගෙන්  මුදල් එකතු කරගෙන ගුරුවරු මෙම පොත මිලදී ගන්නා බවද ඔහු පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ශ්‍රීලාල් නෝනිස් මහතා මෙසේ පැවැසීය.

මෙවැනි පොතක් අපි සෑම වසරකම මුද්‍රණය කරනවා. ඒක ලබාදෙන්නේ ගුරු අත්පොතක් ලෙසයි. ඒක කිසිම කෙනෙකුට විකුණන්න කියලා කියා නැහැ. ඒ පොත කවුරුන් හරි කාව හරි විකුණා තිබෙනවා නම් ඒක සපුර්ණයෙන්ම වැරැදියි.

අපි දුන්නේ මේක ගුරුවරුන්ට අත් පොතක් හැටියටයි. එය සිසුන්ට අවශ්‍යය බව කියන්නේ නම් ඒ සදහා ඡායා පිටපත් කළ  පොතක් ලබාදිය හැකියි.

-මුදිතා දයානන්ද-