පාසල් සිසුන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා පාසල් සිසුන්ට ලබාදෙන දිවා ආහාරය සමග යකඩ හා ෆෝලික් ඇසිඩ් ලබා දීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,
වාරිමාර්ග සහ ධීවර හා
ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර පාසල් සිසුන්ගේ දිවා ආහාරය සකස් කරන පුද්ගලයන්ට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා නොමිලේ සබලකරණය කරන ලද සහල් බෙදා දීමේ උත්සවයකට එක්වෙමිනි. තිරසාර සංවර්ධිත රටක් උදා කිරීමට රටේ දරු පරපුර සෞඛ්යාරක්ෂිත විය යුතු බවත් ඒ සදහා නිසි පෝෂණයක් තිබිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
-චානක ඉනොජ්-