https://www.gossiplankanews.com/2019/05/shafi-sahabdeen-new-turn-out.html
සිංහල මව්වරුන් දහස් ගණනක් වඳ කළ බවට චෝදනා එල්ලවී තිබෙන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහාබ්දීන් සම්බන්ධ කතාව මේ වනවිට වෙනස් මුහුණුවරකට හැරෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.
ඒ මෙම සංසිද්ධියට මුල්ම පියවර තැබූ බව කියන  කුරුණෑගල පොලිස් ප්‍රධානියකු රහස් පොලිසිය හමුවේ මේ ගැන හෙළි කර ඇති බවට වාර්තාවන තොරතුරු නිසාය.
වාර්තාවන ආකාරයට කුරුණෑගල වැව පාරේ ගොඩනැගිල්ලක් වෛද්‍යවරයා හා සිංහල වෙළඳ සංවිධානයක් තරගකර මිලට ගන්නට උත්සාහ කර තිබෙන අතර පසුව කෝටි 13ක මුදලකට වෛද්‍යවරයා මිලදි ගැනීමෙන් පසු
එයට  ඔවුන්

උරණවී ඔහු අමාරුවේ දැමීමට අදාළ පොලිස් ප්‍රධානියාගෙන් උදව් ඉල්ලා ඇත.

ඒ අනුව වෛද්‍යවරයා විසින් අයථා වත්කම් උපයා ඇති චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබෑ ලෙසම පොලිසියට අයත් රාජකාරියක් නොවන බවද දැනගෙනය.

එය බරපතළ ලෙස සමාජය මත බලපාන තත්වයකට ගෙන ඒම සඳහා දේශපාලන පක්ෂයක පිරිසක් සූදානම් කර තිබූ ආකාරය හා මහාචාර්ය වරු රෝහල් ප්‍රධානීන් ඇතුළු අය එහි ඉත්තන් කරගත් අයුරුත් මේ කියන පොලිස් ප්‍රධානියා විස්තර කර ඇති බව වාර්තාවේ.

  සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තව දුරටත් පරීක්ෂණ පවත්වයි.

----------------------

ඉහත පළවූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක මහතා අප වෙත කියා සිටියේ කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමය දේපළ මිලදී ගැනීම් සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ නොවන සංවිධානයක් බවත් සුබසාධන කටයුතු සඳහා පමණක් කටයුතු සිදු කරන සංවිධානයක් බවත්ය.

මේ කියන වෛද්‍යවරයා සමග ඉඩමක් සම්බන්ධ ගැටලුවකට හෝ වෙනත් කිසිදු ගැටුමකට සම්බන්ධ බවට වාර්තාවීම ගැන කනගාටුව පළකරන බවත් එවැන්නක් සිදුව  නැති බව දන්වා සිටින රත්නායක මහතා සිංහල- මුස්ලිම් ආරවුල් සඳහා කිසිසේත් අනුබල සැපයීමට තම කණ්ඩායම කටයුතු කර නැතිබවත් දන්වා සිටියි.