ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඉමේෂ් මධුසංඛ (26) මහතා දෙහිවල හිල් විදිය දී සිදුවූ බස් රථ අනතුරකින් පෙරේදා (22) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
දූෂණ මර්දන
අංශයේ ස්ථානාධිපතිවරයා ඉකුත් 17 වැනි දින සිය රාජකාරි කටයුතු නිමාකර හබරකඩ පිහිටි සිය නිවෙස වෙත යමින් සිටියදී දෙහිවල හිල් විදියේ දි මාර්ග අංක 176 හෙට්ටියාවන-දෙහිවල බරථයක ගැටී දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙන ඇතුළත් කරනු ලැබ අසාධ්‍ය තත්වයෙන් පසු වූ බැවින් කොළඹ ජාතික රෝහල වෙන මාරු කර යවා එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (22) උදෑසන මියගොස් ඇත.
මේ වනවිට අනතුර සම්බන්ධව බස්රථය හා එහි රියැදුරු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.