
සියලු විදේශීය
සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සංගම් ශ්‍රී ලංකාවට සහය පළකර ඇති බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් රටවල් 37කින් සංචරන උපදේශනයන් නිකුත් කර තිබුණද ඉදිරි සතිය තුළදී අවම වශයෙන් සියයට 25ක් එම උපදේශනයන් ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසුවේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීමට අදාළ රටවල් පියවර ගතහොත් එය සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා වඩාත් පහසු වනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ක්‍රිශු ගෝමස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
-සුමන උදයන්ත-