වෛද්‍ය ෂාෆි මව්වරුන් වදභාවයට පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය ලබන බ්‍රහස්පතින්දා
(27) හෙළි වීමට නියමිත
බවත් මෙතෙක් කර ඇති විමර්ශනවල ප්‍රගතිය කුරුණෑගල අධිකරණයට එදින ඉදිරිපත් කරන බවත් එහිදී සියල්ල දැනගැනීමට හැකි වනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

වෛද්‍ය ෂාෆි විසින් සැත්කම් කිරීමෙන් පසු සැබෑ ලෙසම දරුවන් අහිමි වී ඇති මව්වරුන් කොළඹ කාසල් සහ සොයිසා යන රෝහල්වලදී වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට අදාළ අධිකරණමය නියෝගයන් පවා එදිනට ලබා ගැනීමට අපේක්ෂා කරන බවද එම නිලධාරියා පැවසීය.

[ගයාන් කුමාර වීරසිංහ]