කාන්තාවක් සහ ඝාතනය පැවැරූ 35 හැවිරිදි කොන්ත්‍රාත් ක්‍රියාකාරිකයකු දකුණු පළාත් භාර ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීම මත ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (17දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර ඝාතනය
ඝාතන කොන්ත්රාත්කාර කාන්තාව මෙයට කලින් ඝාතනයට ලක් වූ රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඥාතියකු බවට විමර්ශනවලදී හෙළි වී තිබේ. ඇය බැලුන්ගල කොල්ල සිද්ධියේ සැකකාරියක බවටද සැක සහිත කරුණු අනාවරණය වෙමින් පවතින බවද වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ. ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් කාන්තාව, අනතුරුව ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට යෙදවූ ඝාතකයා විසින් ඝාතනය සඳහා ඉලක්ක කර තිබූ හබරාදුව ප්‍රදේශයේ සිටින ව්‍යාපාරික ආයතන හිමි කාන්තාවට ඝාතන කොන්ත්‍රාත්තුව පිළිබඳ කරුණු හෙළිකර ඇත.
අනතුරුව ව්‍යාපාරික කාන්තාව විසින් දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පරික්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය උපාය දූතයන් යොදවා මාගාල්ල ප්‍රදේශයේදී මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාපාරික කාන්තාවගේ සැමියා ඇයගෙන් වෙන්වී ස්විටිසර්ලන්තයේ පදිංචිව සිටින අතර ඇය මෙකි හෝටලයෙන් පන්නා දැමීමට ඔහුට අවශ්‍ය වි ඇත.
ඒ අනුව මෙකී පුද්ගලයා ස්විට්සර්ලන්තයේ සිට තමන්ගෙන් වෙන්වී සිටින බිරිය මැරීම සඳහා රුපියල් ලක්ෂය 30ක කොන්ත්‍රාත්තුවක් සැකකාර කාන්තාවට ලබාදෙන බවට පොරොන්දු වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දිනේෂ් ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකාරිය හා සැකකරු විසින් අදාළ කාන්තාව මාගාල්ල ප්‍රදේශයට රැගෙන විත් ඇයගේ ඡායාරූප ගෙන වයිබර් මඟින් ස්විටිසර්ලන්තයේ සිටින පුද්ගලයාට යවා ඇති අතර ඒ සමඟ සැකකාර කාන්තාවගේ ගිණුමට ලක්ෂ 20ක මුදලක් බැර කොට ඇති බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.පී.පී. අරුණලාල් මහතාගේ උපදෙස් පරිදි ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශාධිපති දිග්නේෂ් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
-රසික කුමාර-