වීසා කාලය ඉකුත් වූ විදේශිකයන් 6,782ක් මෙරට රැදී සිටින අතර ඔවුන්ගෙන් 1,670 දෙනෙක් එක්සත්
ජාතීන්ගේ
සරණාගත කාර්යාලයේ ලියාපදිංචි වී සිටින සරණාගතයන් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. වීසා කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ රැදී සිටි පුද්ගලයන් 492 දෙනක් පසුගිය පස් මාසය තුළ මෙරටින් පිටුවහල් කර තිබේ.

එසේම මේ වන විට වීසා කාලය අවසන් වීමෙන් පසු මෙරට රැදී සිටියදී අත්අඩංගුවට ගත් 152 දෙනෙකු මිරිහාන ආගමන විගමන රැදවුම් කඳවුරේද රදවා සිටිති. මේ හැර වීසා කාලය අවසන් වීමෙන් පසු මෙරට රැදී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක විපුල කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් පිරිසක් දිවයින පුරා මෙහෙයුම් දියත් කර තිබේ.