ශ්‍රී ලංකා පිලේ කිසිවෙකු සහභාගී නොවී වර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තාවේ.
කරුණු හතක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පැමිණිලි කර පවසා තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග සඳහා ලබාදෙන තණතිලි ගැටලුකාරී බවයි.
අසන්තාද මෙල් සඳහන් කරන්නේ කාඩිෆ් හා බ්‍රිස්ටල්හි පැවැති තණතීරු කොළ පැහැති තණතිරු බවත්, අනෙකුත් කණ්ඩායම් ක්‍රීඩා කළ තරග පැවැති තණතීරු දුඹුරු හා ඉහළ ලකුණු ලබාගැනීමට හැකි තණතීරු බවත්ය.
එසේම ජාත්‍යන්තර
බ්‍රිස්ටල්හිදී සිය කණ්ඩායමට ඉතා අඩු පහසුකම්වලින් සමන්විත හෝටලයක නවාතැන් ලබාදුන් බවත්, එහි අවම මට්ටමින් පිහිණුම් තටාකයක් හෝ නොතිබූ බවත් වේගපන්දු යවන්නන් පුහුණුවීම්වලින් පසුව පිහිණුම් තටාකයට යාම අත්‍යවශ්‍ය බවත් එහෙත් ඒ සඳහා හෝටලයේ පහසුකම් නොතිබූ බවත් සෙසු කණ්ඩායම්වලට පිහිණුම් තටාක සහිත හෝටල ලැබී තිබූ බවත් ඔහු සඳහන් කර තිබුණි.
මේ අතර හෝටල් තුළදී ක්‍රීඩකයන්ගේ ඇඳුම් පවා අස්ථානගත වී තිබෙන බවත් දන්වා ඇත.
ක්‍රීඩකයන්ගේ ගමන් සඳහා බස්රථ ලබා දීමේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වෙනස්කම් සිදු වී ඇති බවත් සෙසු කණ්ඩායම්වලට පහසුකම්වලින් සමන්විත විශාල බස්රථ ලබා දෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුකම් අඩු කුඩා
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර දන්වා ඇත්තේ වසර 4 ක් තිස්සේ සැලසුම් කර සියලු පහසුකම් කාටත් සමානව ලැබෙන පරිදි ලබාදී මෙම තරගාවලිය සංවිධානය කළ බවත් තණතීරු තේරීම හා සැකසීම ස්වාධින විශේෂඥ පිරිසක් සිදු කළ බවත්ය. කෙසේ වෙතත් හෝටල් හා ප්‍රවාහන පහසුකම් සම්බන්ධ අයිසීසී ප්‍රතිචාරයේ කිසිවක් සඳහන්ව නොතිබිණි.
මෙම කරුණු දැක්වීමෙන් පසුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගය ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 87 කින් ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත්වූ පසු කන්ඩායම සහභාගී වන මාධ්‍ය හමුව වර්ජනය කළ අතර මාධ්‍ය හමුවට පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු නියෝජනය පමණි. ශ්‍රී ලංකා පිලට එසේ කළ නොහැකි බවත් ඒ ගැන කරුණු දැක්වීමට සිදුවනු ඇති බවත් එහිදී අයීසීසීය දන්වා තිබුණි.