ණය මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා පුද්ගලයකු විසින් සෙලාන් බැංකුවට ලබාදුන් කූට ලේඛනයක චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන යොදා ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයක් සිදුකර විමර්ශනයට අදාළව ලබන සැප්තැම්බර් 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස චතුරිකා සිරීස්ත මහත්මියට නියම කළ කොටුව
මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, ඒ බව දැනුම් දෙමින් ඇයට ඊයේ (26දා) සිතාසි නිකුත් කළේය.

 මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණද, ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මස්ත්‍රාත්වරයා විසින්
මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබීය. එම සිතාසිය අධිකරණ පිස්කල්වරයා මාර්ගයත් ඇයට භාරදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සෙලාන් බැංකුවේ ණය නිලධාරියා විසින් වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කමනි රේණුකා රන්වල ආරච්චි සහ කෝෂික විමුක්ති කාරියවසම් නමැත්තන්ට ණය මුදල් ලබාදෙන ලෙස නියම කරමින් සෙලාන් බැංකුවට ඉදිර්පත් කර ඇති කූට ලේඛනයක චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන යොදා ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශත්ත අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එහි නිලධාරීහු අධිකරණයට වාර්තා කළහ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී චතුරිකා සිසේන මහත්මියට සිතාසි නිකුත් කර ඇති බවත්, එම දැනුම් දීමට අනුව ඇය අධිකරණයේ පෙනී නොසිටි බවත් වංචා විමර්ශන අංශය අධිකරණයට දැන්විය.

ඒ අනුව අදාළ සිතාසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල ලබන සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

 -බුද්ධිමාල් රුබේරු-