රෝගීන් 20541 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ මේ කාලය වන විට 21000ක් පමණ වාර්තා වී තිබේ..
කොළඹ , කළුතර , ගම්පහ, ගාල්ල , මාතර , හම්බන්තොට , යාපනය , මන්නාරම , මුලතිව් අම්පාර , ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්ක ගිය වසරේ වාර්තා වුවාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව
“ අපේ රටේ ගත්තහම සෑම වසරකම ඩෙංගු වැඩිවන කාලසීමා දෙකක් තියෙනවා . මැයි සිට අගෝස්තු දක්වා නිරිත දිග මෝසම් වර්ෂාවත් එක්ක නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග වර්ෂාවත් එක්ක . දැනට හැබැයි ලොකුවට වැඩි වෙලා නැහැ. නමුත් මේ වහින විදිහ අනුව වැඩි වීමේ අවධානමක් තිනෙවා .“
කිසියම් කෙනෙක්ට වමනය , හිසරදය වැනි රෝග ලක්ෂණත් සමඟින් දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත් . ඊට අමතරව ඩෙංගු රෝගය ව්‍යාපත වීමේ අවධානමක් පවතින දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව අඩුම තරමින් සතියට පැය භාගයක්වත් යොදවල තමන් සිටින පරිශ්‍රය පිරිසිදු කර ගැනීම වැදගත් “
ඩෙංගු රෝගයේ ලක්ෂණ
*හදිස්සියේ මතුවන තද උණ
*හිස රදය
* ඇස් යට වේදනාව
* මස්පිඩු කැක්කුම
* ඇඟපත කැක්කුම
* බඩරිදීම
* වමනය
*ඇතැම්වට නාසයෙන් , විදුරුමස් වලින් ලේ ගැලීම .
තද උණ සමඟින් මේ රෝග ලක්ෂණ දෙකක් තිබේ නම් අපි සැකකරනවා ඩෙංගු කියල .
අපේ රටේ වැඩිය කරන්නේ නැති දෙයක් තියෙනවා “මදුරු විකර්ෂණ“ ආලේපන භාවිත නොකිරීම මදුරුවන් දෂ්ට කරන්නේ උදේ සහ සවස කාලයේ දී උදේ 6 - 10 කාලයේත් සවස 4 -7 කාලය තුළදී අපිට නෙට් එකක් යට ඉන්න බැහැනේ ඒ නිසා මදුරු විකර්ෂණ ආලේපනයක් භාවිත කිරීම හරිම වැදගත් . පුංචි දරුවන් ට අත්පා වැහෙන්න විදිහට ඇඳුම් ඇන්දවීමෙන් මදුරු දෂ්ඨන අඩු කර ගත හැකියි
සාකච්ඡා සටහන - නදීරා අමරසිංහ