ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හරිමින් නැවත ජූලි මස (31) දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
හැටන් අධ්‍යාපන කළාපයට අයත්, මස්කෙළිය, ඩී.සයිඩ් දෙමළ ප්‍රාථමික විදුහලේ සේවයේ නියුතු ගුරුවරියකට ඉකුත් (13) වෙනි දින
ඩී.සයිඩ් දෙමළ ප්‍රාථමික විදුහලේ 03 වන හා 05 වන ශ්‍රේණි වල අධ්‍යාපනය හදාරණ මෙම සිසුවියන් දෙදෙනා ඉකුත් 06 වන දින පාසල් වේලාවේ එම පාසලේ ගුරු නිවාසයේ ඇති දැඩි කරන සුනඛයකු විසින් සපා කෑම හේතුවෙන් තුවාල සිදුවූ එක් සිසුවියක් නාවලපිටිය මූලික රෝහලෙන් නේවාසිකව ප්‍රථිකාර ලබාගෙන ඇති අතර අනෙක් සිසුවිය මස්කෙළිය ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ. එම ළමයින්ගේ දෙමව්පියන් විසින් මස්කෙළිය පොලීසියට සිද්ධිය පිළිබඳව කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 282 වන වගන්තිය යටතේ බල්ලකු සපා කෑම සම්බන්ධව සුනඛයාගේ අයිතිකරු වන ගුරුවරියට එරෙහිව හැටන් අධිකරණයට “බී” වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත.
මෙම ගුරුවරියට මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී දැඩි ලෙස අවවාද කරමින් නඩුවේ වැඩිදුර විභාගය පැවැත්වෙන 2019.07.31 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
(මස්කෙළිය -ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)