ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී
ඊයේ (25) පෙරවරුවේ පැවති කැබිනට්
ඒ අනුව රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබෙන අතර මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇදිය යුතු වේ.
රාජ්‍ය සේවිකාවන්ට සාරිය, ඔසරිය මෙන්ම කාන්තාවන්ට සුදුසු එහෙත් හඳුනා ගැනීමට බාධාවක් නොවන මුහුණු ආවරණය නොවන පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට ඒ අනුව තීරණය විය.
රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයක් මතභේදයට තුඩු දුන් අතර, එම ගැටලුකාරී තත්වයන් විසදීමට අදාළව මෙම සාකච්ඡාව සිදුකර ඇත.