අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය
බලකාය මගින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේවා සියල්ල පණගන්වා කිසියම් කූට ජාවාරමක් ඔවුන් විසින් සිදුකරමින් සිටි බව පැවසේ.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් කැදවා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.