අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඉන්දියාවට සහ ශ්‍රී  ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට  ඉන්දීය බුද්ධි අංශ අනතුරු අගවයි.

අයි.එස්. සංවිධානය ඉරාකයේ දී සහ සිරියාවේ දී පරාජයට පත්වීමත් සමග එම සංවිධානය ඉන්දීය සාගර කලාපය කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද එම බුද්ධි අංශ කියයි. අයි.එස්. සංවිධානය ඉන්දියාවේ සහ
ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ට
ලැදි සහ හිතවත් පිරිස් මාර්ගයෙන් එලෙස ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් තිබෙන බව කේරළ ප්‍රාන්තයේ අභ්‍යන්තර පොලිස් සන්නිවේදන තොරතුරු මාර්ගයෙන්  අනාවරණය වී ඇතැයි එන්.ඩී.ටී.වී. ප්‍රවෘත්ති සේවය කියයි.

ඒ සඳහා ජිහාද්වාදයේ ප්‍රචණ්ඩකාරි ක්‍රමවේද අනුගමනය කරනු ඇතැයි ද අනාවරණය වී තිබේ.

 මෙම  අයි.එස්. සංවිධානයේ සැලසුම් අයත් වාර්තා රැසක් ද අනාවරණය කර ගැනීමට බුද්ධි අංශ සමත් වී තිබේ. එම වාර්තාවලට අනුව ඉන්දියාවේ කෝච් හා ප්‍රධාන පෙළේ  සාප්පු සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට අයි.එස්. සංවිධානය සැලසුම් කර තිබේ.

ඉන්දියාව තුළ අයි.එස්. සංවිධානයට සම්බන්ධ සයිබර් ක්‍රියාකාරකම්  වැඩි වී තිබෙන අතර එය ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ සංඥාවක් යැයි ද බුද්ධි අංශ අනතුරු අගවා ඇත ඉන්දියාවේ කේරළය, තමිල්නාඩුව, අන්ද්‍ර ප්‍රදේශ සහ කාශ්මීරය යන ප්‍රාන්තවලට ප්‍රහාර එල්ල වීමේ අවදානම වැඩි යැයි ද ඉන්දියාවේ බුද්ධි අංශ අනතුරු අගවා ඇත.

පොලිස් වාර්තාවලට අනුව පසුගිය වසර කිහිපය දී කේරළ ප්‍රාන්තයේ 100කට වැඩි පිරිසක් අයි.එස්. සංවිධානයට එක්වී ඇතැයි චාර්තා වේ.

එන්.ඩී.ටී.වී. ඇසුරිනි