දරුවන්ට ද පෙනී සිටීමට අවස්ථාව
විදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයින් රැසක් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඉතාලිය, ඕමානය හා කටාර් රාජ්‍යවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට මෙවර එම අවස්ථාව හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළා.
විදේශ අමාත්‍යංශය හා එම රටවල පිහිටි තානාපති කාර්යාල සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම රටවලට ගොස් අදාළ විභාග කටයුතු සැලසුම් කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.