ප්‍රකට සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන කීල්ස් සුපර් වෙතින් නිශ්චිත වේලාවක් තුළ ඕනෑතරම් බඩු නොමිලේ ගත හැකි බවට දක්වමින් ප්‍රවර්ධන වැඩසටහනක්(ප්‍රමෝෂන්) ගැන
දැනුවත් කරන ව්‍යාජ පණිවිඩයක් වට්ස් ඇප් සමාජ ජාලාව වෙත නිකුත්වී තිබේ.
එහි දක්වා ඇත්තේ අදාළ වාසනාව ලබාගැනීමට එම
මෙකී සුපිරි වෙළෙදසල් ජාලයේ නම ලෝගෝව ආදිය අනුකරණය කළ ව්‍යාජ වෙබ් අඩවියක් ඔස්සේ මෙම පණිවිඩය ගැන වැඩිවිස්තරද සපයා තිබෙන අතර මෙයට රැවටී සියදහස් ගණනන් පිරිස් එම පණිවිඩය ෂෙයාර් කිරීමට හා ලියාපදිංචිය සඳහා දුරකථන ඇමතුම් ලබාගැනීමට යොමුවී ඇත.
මෙම දුරකථන ඇමතුම් ලබාගත්තවුන්ට රීලෝඩ් මුදල් අහිමිවීමේ සිද්ධියක්ද වාර්තාවන අතර
මේ ව්‍යාජ පණිවිඩය හේතුවෙන් එයට නොරැවටෙන ලෙස ඉල්ලා කීල්ස් සුපර් වෙළෙඳසල් ජාලය සිය පාරිභෝගිකයින්ට දැනුවත් කිරීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ.