https://www.gossiplankanews.com/2019/06/kirinida-hasini-death.html
සුගියදා රටම කම්පා කරමින් කිරින්ද මුහුදු වෙරළේදී අනපේක්ෂිත රළ පහරට ලක්ව අනතුරට පත් පවුලේ පියාත් දැරියන් දෙදෙනාත් මරණයට පත්වීමෙන් පසු බරපතල තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බැංකු සේවිකාවක වූ එම පවුලේ මව හසිනි අනෙක් තිදෙනාගේ හත්දවසේ දානය දවසේ අවාසනාවන්ත ලෙස රෝහලේදී මරණයට පත්වූ බව වාර්තාවේ.‍
මියගිය හසිනි විජේසුරිය මහත්මිය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක
විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කළ අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනිගේ ව්‍යාපාරික සැමියා දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි  සැඩ රල පහරට හසු විමෙන් සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණි.

හසිනි මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇගේ ඥාතින් විසින් ඇයව කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ආ අතර එහි දැඩි

සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ 29 ඇය මෙසේ මියගියාය.
ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) හැටන් නිවසේදි සිදු කර තිබූ අතර ඇය මියයන්නේ එම දවසේදීය.

ව්‍යාපාරික ඉන්දික සමග බැංකු සේවිකා හසිනි විවාහවී තිබුනේ මීට වසර 8 කට පෙරයි.
වැඩිමල් දියණිය නෙසත්මා සහන්ලී (6)පාසල් අධ්‍යාපනය ද සහ බාල දියණිය නදීෂා ඉනෝමි (4) පෙර පාසල් අධ්‍යාපනය ද හැදෑරූහ.
 හසිනි සේවය කළ පෞද්ගලික බැංකුවේ සේවකයෝ සෑම වර්ෂයකම විනෝද චාරිකාවක සහභාගි විම පුරුද්දක් වශයෙන් සිදු කරති. එම විනෝද චාරිකාව සඳහා පවුලේ උදවියටද සහාභාගි විය හැකිය. මෙම වර්ෂයේද ඔවුන් එය යොදා ගත්තේය. ඒ පසුගිය 21, 22 සහ 23 යන දිනවලදීය.

  යාල ප‍්‍රදේශයේ හෝටලයක නතර වූ අතර එහි නැවතුණ අවසන් දිනයේ පාන්දර 6 දරුවන් සමග වෙරළ පාගන්න යන්න ඕනේ කියා ඉන්දික, හසිනි සහ ළමයි දෙදෙනා හෝටලය අසල ඇති තිස්සමහරාමය කිරින්ද මුහුදු තීරයට ගියහ.  ඒවන විටත් ඔවුන් සමග සිටි සමහර අය ද මුහුද අසලට පැමිණ තිබුණත් වාරකන් නිසා මුහුද රළු ස්වභාවයක් ගෙන තිබුණි.

 ඉන්දික පුංචි දියණියවත් රැගෙන වෙරළේ රැල්ල පාගමින් සිටියේය. හසිනි ලොකු දියණීයත් සමග සිප්පිකටු අහුලමින් සිටියේය. එ ආසන්නයේ තවත් පිරිසක් මුහුදු අසිරිය විඳිමින් සතුටු වූහ.
 හසිනි මුහුදු තීරයෙන් මඳක් මෑතට පැමිණ දුරකථන ඇමතුමක් ලබා ගත්තේ තිළිණි නමැති ඔවුන් සමග ගමනට එක්වූ බැංකු මිතුරියකටය.

 ඇයි නංගී රූම් එකට වෙලා ඉන්නේ. එන්න බීච් එක පැත්තට. පොඞ්ඩක් විනෝද වෙන්න. හසිනිගේ ආරාධනාවට ඇය එහි පැමිණ තිබුනි.ඇය දුටු ඉන්දික තිළිණිට මෙලෙස පැවසුවේය.
 ‘‘නංගී මෙහෙට එන්න රැල්ල පාගන්න.’’
 ‘‘අනේ අයියේ මටනම් බයයි.’’
 ‘‘මොකට බය වෙනවද මේ දුවලත් ඉන්නේ.’’
 ඉන්දිකගේ කීමට අනුව තිළිණි රැල්ල පෑගීමට ගියාය.

හසිනි ලොකු දුවත් සමග රැල්ල පාගද්දී ඉන්දික පොඩි දුවත් සමග රැල්ල පැගුවේය. තිළිණිත් ඒ අතරට එකතු වූවේය. සියලූ දෙනාම රැල්ල පාගමින් මුහුදු වතුරට තෙමෙමින් විනෝද වූ අතර ඉන්දික තම කැමරාව රැගෙන විත් පිංතුර ගත්තේය. වීඩියෝ කළේය. විශේෂයෙන් දරු දෙදෙනාවයි.

ඒ අතර ඔහු මෙලෙසද පැවසුවේය. ‘‘ කවද හරි මේවා තමයි මතක සටහන් ලෙස ඉතුරු වෙන්නේ. ’’
පොඩි දුව අල්ලාගත් ඉන්දික සහ තිළිණි තව තවත් මුහුද දෙසට ගියහ. ඒ අතර හසිනි කැගැසුවේ මුහුද සැරයි වැඩිය ඈතට යන්න එපා කියාය. ‘‘ හරි හරි බය වෙන්න එපා අපි වැඩිය ඇතට යන්නේ නැහැ.’’ එලෙස පවසා ගතවූයේ මඳ වෙලාවකි. එක්වරම ලොකු රුලි කිහිපයක් ආවේය.

 ගතවූයේ නිමේෂයකි. ඈත මුහුදේ සිට විශාල රැල්ලක් ගොඩ බිම දෙසට ආවේය. වෙරළට තරමක් දුරින් මුහුද දෙසට වෙන්න සිටි ඉන්දික, තිළිණි සහ පොඩි දුවව එම රැල්ලට හසුවූහ. එම මහ ජල කඳත් සමග ඉන්දිකට කිසිවක් කර ගත නොහැකි විය. පණ දෙවෙනි කොට ආදරය කළ දුවව තම අතින් ගිලිහුනි.
 හසිනි සිදුවූ දෙය ක්ෂණයකින් දුටුවාය. ඇය ළඟ සිටි ලොකු දුවවත් මොහොතකට අමතක වූවාය. ඇය කෑගසමින් අපිරිමිත දරු සෙනෙහසින් යුතුව පණ මෙන් ආදරය කළ දුව බේරා ගැනීමට උත්සහ කළාය. එහෙත් පලක් වූයේ නැත. ඒ වන විට ලොකු දුවවත් මුහුදට ගසාගෙන ගොස් තිබුණි.

 දෙවැනි රළ පහරින් තිළිණිට සහ හසිනිට ජීවත් වීමේ වාසනාව හිමිවිය. ඒ ඔවුන් දෙදෙනා ගොඩ බිම දෙසට ගසා ගෙන ආ නිසාය. එහෙත් මුහුදු වතුර පෙවීම නිසා හසිනි සිටියේ සිහිසුන්වයි.  අවාසනාවන්ත සිද්ධිය දුටු අනෙක් පිරිස ඉන්දික සහ දරු දෙදෙනා සෙවීමට උත්සාහ කළහ. එහෙත් පලක් වූයේ නැත. ඒ වනවිටත් ඔවුන් මිය ගොස් තිබුණි.
තිලිණිගේ ජීවිතය බේරිණි. හසිනි සතියකට පසු මියගියාය.

හසිනි විජේසුරිය මහත්මියගේ දේහය හැටන් සාත්තු නිවාස පාරේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසා ඇත.