ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නම් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය
පරිහරණය කිරීම
සම්බන්ධයෙන් නඩු පැවරී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවසර ලබා දෙමින් මෙතෙක් ඒ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී මහින්දානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේ තම සේවාදායකයාට ජුනි 13 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බැවින් ඔහුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසය.