මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය සඳහා තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන දන්වා සිටියේය.
ජනාධිපති මන්දිරයේ දැන්
1976 සිට ලංකාවේ නවතා තිබෙන මරණ දඩුවම යළි ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ සංවාද පැන නැගුණි. එහිදී විවිධ ආගමික නායකයින් එයට පක්ෂව හා විපක්ෂව දැක්වූ අදහස් නිසා මෙම ක්‍රමය යළි ඇතිවේද යන සැකය පැනනැගී තිබූ අතර බන්ධනාගාරයේ දැනට රඳවා සිටින ප්‍රබලම මත්කුඩු බෙදාහරින්නන් පිරිසකගේ ලැයිස්තුවක්ද මරණ දඩුවම ලබාදෙන්නට නියමිත අය ලෙස ප්‍රසිද්ධ වී තිබුණි.
කෙසේ වෙතත් ජනපතිවරයා තවම ඒ ගැන සඳහනක් පමණක් කළ නිසා එලෙස දඩුවමට ලක්වන අය ගැන විස්තර තවම හෙළි වී නැත.