පාර්ලිමේන්තු ගරාජය ආසන්න දියවන්නා ඔයේ තිබිය දී පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් මෙම කිඹුල් බිත්තර 47 සොයා ගනු ලැබ තිබුණේ ඉකුත් 20 වැනිදායි.සේවකයන් දියවන්නා ඔය පිරිසිදු
කිරීමේ කටයුතුවල යෙදී සිටිය දී එහි පාවෙමින් තිබූ 
දැල් කොටසක පැටලී තිබී මෙම කිඹුල් බිත්තර 47 සොයා ගෙන තිබිණ.

මේ සම්බන්ධයෙන් අප වනජීවී සංරක්ෂිණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පශු) කාරක ප්‍රසාද් මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ. පාර්ලිමෙන්තුව අසලින් සොයාගත් මෙම කිඹුල් බිත්තර 47 රැක්කවීම (පැටවුන් ගැනීම )සඳහා බෙල්ලන්විල වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයට බාරදුන් බවයි. බිත්තරවලින් පැටවුන් ලබාගත් පසුව ඒ පැටවුන් ආරක්ෂිත ජලාශවලට මුදාහැරිමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව ආශ්‍රිත දියවන්නා ඔයේ කිඹුලන් පස් දෙනෙකු පමණ සිටින බව වනජීවී නිලධාරිහු සැක පළ කරති.  දියවන්නාවේ කිඹුලන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් හෙයින්, ඒ පිළිබඳව අදාළ අංශවලට පැමිණිලි කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරිහු ප්‍රකාශ කරති.

-සුජිත් හේවාජුලිගේ-