කොටස් නිකුත් කිරීමේ විධිවිධාන ඇතුලත් මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මහජන බැංකුවේ කොටස් නිකුත් කිරිම බැංකුව පෞද්ගලිකරණය කිරිමක් නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ. නිවේදනයේ මෙඳ සඳහන් වේ.
ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබාදෙන බව කියමින් රඡය මහඡන බැංකුව පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවට ඡාතික පුවත්පත්වල පල වූ වාර්තා මහජනතාව නොමග යවන අසත්‍ය මෙන්ම ද්වේශසහගත ප්‍රවෘත්තියකි.
එහෙත් මහජන බැංකුව පෞද්ගලිකරණය සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි. මෙම මෙම චෝදනාවට පදනම්වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතයි. 1961 අංක 20 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරිම සඳහා මම කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.
ඉන් පරිබාහිර කිසිවකුට එම කොටස් නිකුත් කරන්නේ නැත. මා විසින් 2019 අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මූලික අනාවරණයක් සිදු කරන ලදී. එම යෝඡනාවට අනුව බැංකු මඟින් කරනු ලබන මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කිරිමේ දේශීය අවශ්‍යතාවක් ජනිත කිරීමේ අරමුණ එළිදක්වන ලදී.
එබැවින් මහජන බැංකුව පෞද්ගලීකරණයට සැරසෙනවා යැයි කීම ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පක්ෂවලදී සම්බන්ධ වෘත්තීය සමිති තම බංකොලොත්භාවය වසන් කර ගැනීම සඳහා ජනතාව නොමග යැවීමට කරනු ලබන ද්වේශසහගත ප්‍රකාශ වේ. කෙස් වුවද එම මාධ්‍ය ප්‍රකාශයන්හි සඳහන් පරිදි මහජන බැංකුව පෞද්ගලිකරණය කිරිමක් හෝ ඊට පිඹුරුපත් සැකසීමක් සිදු නොකරන බව අවධාරණය කෙරේ.