අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය කියයි.මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් එකසිය විසිපහක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ පරික්ෂකවරයකු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මත්කුඩු
සැකකාර වැඩ පරික්ෂක මොරටුවේ ගාලු පාරේ මෝටර් රථයෙන් ගමන් කරන බවට බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් සැකකරුට නොදැනෙන්ට ඔහු පසුපස පැමිණ කටුබැද්ද හන්දියේදි මෝටර් රථය නවතා කළ පරික්ෂා කිරීමේදී කේක් පෙට්ටියක බහා තිබූ මත්කුඩු තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි රත්මලාන කුඩු අංජුගේ මත්කුඩු බවට අනාවරණය කළ බව පොලිසිය කියයි. ඊට අමතරව රත්මලානේ ධර්මසිරි නමැත්තාගේ මත්කුඩුද ප්‍රවාහනය කරන බව හෙළි කළැයි පොලිසිය කියයි.
රත්මලානේ කුඩු අංජු හා ධර්මසිරි නමැත්තන් මේ වනවිට විදේශගතව සැඟවී සිට මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදුකරන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි පිළියන්දල පදිංචිකරුවෙකි.
-එම්.සී.පෙරේරා-