නිරිතදිග මෝසම් වර්ෂාවෙන් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන්
ජලවිදුලි නිෂ්පාදනය තවදුරටත්
අර්බුදයක පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත දන්වා ඇත.
මේ වන විට පවතින ජල ධාරිතාව අනුව කාසල්රී ජලාශයේ සියයට 17.9න්ද මවුස්සා කැලේ ජලාශයේ සියයට 23.8ක්ද කොලේ ජලාශයේ සියයට 34.7ක්ද වික්ටෝරියා ජලාශයේ සියයට 14.9ක්ද, රන්දෙනිගල ජලාශයේ සියයට 53.4ක් සහ සමනල ජලාශයේ සියයට 16.4ක ජල මට්ටමක්ද පවතී.
මධ්‍යම කදුකරයට තරමක වර්ෂාවක් ලැබුණත් එය විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වැඩි වීමට බලපා නොමැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා ඇත.
මේ අතර වරින්වර නොදන්වා සුළු වේලාවන් සඳහා විදුලිය කැපීමේ සිද්ධි පසුගිය සතියේ සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශ රැසකින් වාර්තාවී ඇත.