මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01) යළි ආරම්භ කෙරිණි.

ශ්‍රීලංකන්
ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ප්‍රථම ගුවන් යානය අද දහවල් 12.20ට කටුනායක සිට කරච්චි බලා පියාසර කළ බවයි.

පසුව එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 කරච්චි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වීමට ද නියමිතය.

පකිස්ථානය හා කොළඹ අතර ගුවන් ගමන් අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පැවසුවේය.

පකිස්ථානය හා ඉන්දියාව අතර හට ගත් අර්බුදයත් සමග පකිස්ථාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් පසුගිය පෙබරවාරි 27 වන දා ගුවන් ගමන් අත්හිටු වීමට පියවර ගැනිණි.