ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී ඒකමතිකව සම්මත වී තිබෙයි.

පසුගිය බදාදා (26)
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බොහෝ කලකට පසුව මධ්‍යම කාරක සභාව රැස් වූ අතර, ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණ සාකච්ඡාවල දී මතු වූ කරුණු අධ්‍යයනය කිරීමට කමිටුවක් ද එහිදී පත්කරගෙන තිබෙයි.

දෙපක්ෂය අතර ඇතිවීමට නියමිත සන්ධානයේ තනතුරු ව්‍යුහය අධ්‍යනය කිරීමේ එම කමිටුව සාකච්ඡා සඳහා එක්වන පක්ෂ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන අයට අමතරව නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරුන් ද එක් කරගෙන ඇති බව සඳහන්ය.

ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න මධ්‍යම කාරක සභාවේ දී නම් නොකළොත් ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨක් හෙළි කර ඇත.