ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සිදු කළ ඇණවුම අනුව චීනයේදී නිශ්පාදනය කරනු ලැබී සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ කිහිපය කොළඹ වරායෙන්
ශ්රී ලංකාවට ගොඩ බාන ලදි.
චීනයේ King Long බස් රථ මෙසේ ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතය.
මේ දක්වා බොහෝ විට යොදාගත් ලංකාවේ නිෂ්පාදිත බොඩිය වෙනුවට චීනයේදීම නිපදවා එහිදීම පිංතාරු කර මෙම බස් ලංකාවට එවා තිබෙන අතර ගමන් කරන අයට පවතින බස් රථවලට සාපේක්ෂව විශේෂ සැපපහසුවක් තිබෙන බවද වාර්තා කර ඇත.