ශ්රී ලංකා පිලේ පිතිකරුවන් කිහිප දෙනෙකු
පමණක් සාර්ථකවූ අතර පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතිණි.
කුසල් පෙරේරා ලකුණු 78ක් දිමුත් ලකුණු 30ක් හා තිරිමාන්න ලකුණු 25ක් රැස්කළ අතර ඉතිරි පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි විය. පළමු තරගයේදි මෙන්ම මෙම තරගයේදීත් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා යන ක්රීඩකයෝ අසාර්ථක වීම විවේචනයට බඳුන් විය.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 41කදී ලකුණු 187ක ඉලක්කයක් හිමිවිය. නමුත් එම ඉලක්කය පහසු ඉලක්කයක් බවට පත් නොකළ ශ්රී ලංකා පන්දු යවන්නන් ජයග්රහණය ලංකාව වෙත ගෙන ආවේ නුවන් ප්රදීප් 31/4, ලසිත් මාලිංග 39/3 පන්දුවෙන් දක්ෂතා දක්වමිනි.
ලකුණු 35ක ජයක් වාර්තා කරන්නට ඒ අනුව හැකි විය..තරගයේ වීරයා ලෙස නුවන් ප්රදිප් සම්මාන ලබාගන්නා ලදි.