https://www.gossiplankanews.com/2019/06/udunuwara-government-uniform.html#more
ඩුනුවර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනකු රජයේ චක්‍රලේඛයට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව එම ලේකම්
කාර්යාලයේ සියලුම නිලධාරීන් ඊයේ (26) සේවය සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණ විරෝධය දැක්වීමට තීරණය කළ බව එහි කැදවුම්කරු ඩබ්ලිව්.එච්.එම්. කීර්ති ගුණරත්න මහතා
පැවසීය.
උඩුනුවර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන නිලධාරිහු හා නිලධාරිනියෝ සරම්, කලිසම් ඇඳ පැළඳ සේවය සඳහා පැමිණියහ. එහි නිලධාරින් පැවැසුයේ උඩුනුවර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ සේවය කරන කාන්තාවන් දෙදෙනකු රජය මගින් සාරිය, ඔසරිය වැනි ඇඳුම් ඇඳ රාජකාරි සඳහා

පැමිණෙන ලෙස චක්‍රලේඛන පවා ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී

එම වක්‍රලේඛනවලට ඉහළින් ගොස් මේ දක්වා බූර්කාව ඇඳ රාජකාරි සඳහා පැමිණෙන බවත්, ඒ නිසා උඩුනුවර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අනුයුක්ත සියලුම නිලධාරීන් එයට විරෝධය පා සාමාන්‍ය ඇඳුමින් රාජකාරි සඳහා පැමිණීමට තීරණය කළ බවත්, මෙම විරෝධතාව එම කාන්තාවන් දෙදෙනා සඳහා නොව, රජයේ චක්‍රලේඛවලට ඉහළින් ඊට අවනත නොවී එම නිලධාරිණියන් දෙදෙනා
 කටයුතු කිරීම නිසා මෙසේ සාමාන්‍ය ඇඳුමින් සැරසී විරෝධතාව දැක්වූ බව එහි කැඳවුම්කරු

ඩබ්ලිව්.එච්.එම්. කීරති ගුණරත්න මහතා පැවසීය. එහිදී සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණි නිලධාරින්ට
උඩුනුවර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් මාධව වර්ණකුලසූරිය මභතා පවසා සිටියේ, කිසියම් කෙනකු රජයේ චක‍්‍රලේඛවලට විරුද්ධව කටයුතු කරන නිසා අනික් හැමෝම ද ඒ ආකාරයෙන් කටයුතු
කිරීම නොකළ යුතු බවත්, රජයේ සේවකයන් රජයේ වක්‍රලේඛවලට ඉහළින් කටයුතු කිරීම සදාචාර
නොවන බවත්, එහෙයින් ගෙට දිනයේ උඩුනුවර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන සියලුම නිලධාරින් රජයේ චක්‍රලේඛවලට අනුකූලව ඇති ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවයි.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ චක්‍රලේඛයේ වෙනස්කම් රජය සිදු කර තිබේ.

(මහනුවර  චමිල් රූපසිංහ)