ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛව ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට කිහිපයක් එක්සත් ලංකා පොදුජන පක්‍ෂය, මුස්ලිම් උලමා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ හා එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ පවත්වනු ලැබූ අතර, එහිදී ඒ මහතා සිය එකඟත්වය පළ කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැති අතර, අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ජාතියක් ලෙස
එසේම මුස්ලිම් ජනතාවගෙන් කිහිප දෙනකු විසින් සිදු කරන ලද දෙයකට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
"අපේ පක්ෂයේ කිසිම ජාතියකට ආගමකට ප්‍රදේශයකට සීමා කරලා නැහැ. රටේ හැමෝටම එකම නීතියක් තිබිය යුතු බවයි අපේ අදහස. ජාතියක් විදියට එකට ඉන්න එක නීතියක් අවශ්‍යයි. අනාගතයේ රටේ පාලනය ගන්න ඉන්න පක්‍ෂයක් විදිහට රටේ සාමකාමී පරිසරයක් අපි බලාපොරොත්තු වනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් රට බේරාගෙන ආරක්‍ෂාව තහවුරු කිරීම නිසයි ශීඝ්‍ර සංවර්ධනයක් රටට
ගෙන යන්න හැකි වුණේ. අපි ආණ්ඩුව භාර ගන්න කාලේදී රටේ ජාතිවාදී අරගල තියෙනවා නම් බලාපොරොත්තු වන සංවර්ධනය කරා යන්න අපට බැහැ. ඒ නිසා පාස්කු ඉරිදා සිද්ධිය වැනි සිදුවීම් රට තුළ නැවත සිදුවෙනවා දකින්න අපි කැමති නැහැ.
බේරුවල සිද්ධිය අවස්ථාවේදී ඊට මැදිහත් වෙලා සිද්ධිය සමථයකට පත් කරන්න අපට හැකි වුණා සියලු තොරතුරු තිබිලත් පාස්කු ඉරී සිද්ධිය නතර කරගන්න වත්මන් රජයට නොහැකි වුණා. ආණ්ඩුව මෙයට වගකිව යුතුයි. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ එහි වගකීමත් අපේ පිට පටවන්න.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අධිකරණය, හමුදාව මේ හැමදේම තියෙන ආණ්ඩුව ළඟ. මුස්ලිම් ජනතාවගෙන් කිහිප දෙනෙක් කරපු දෙයකට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ. ඒ වගේම පොහොට්ටුවේ කිහිප දෙනෙක් කරන වැඩවලට සම්පූර්ණ පොහොට්ටුව වග කියන්න අවශ්‍යත් නැහැ" යැයිද පැවසීය.