කිරීමේදී ඇමෙරිකා පුරවැසියන්ට තුන්වැනි මට්ටමේ අවදානමක් පනවා තිබූ අතර එය දෙවැනි මට්ටම දක්වා මේ වනවිට ලිහිල් කර තිබේ.
එසේ වුවත් ත්‍රස්තවාදී ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී පරෙස්සම් වන්නැයිද ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්නට තවදුරටත් අනතුරු අඟවා ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකා පුරවැසියන්ට තුන්වැනි මට්ටමේ අවදානමක් පනවා තිබූ අතර එය දෙවැනි මට්ටම දක්වා මේ වනවිට ලිහිල් කර තිබේ. එසේ වුවත් ත්‍රස්තවාදී ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට සංචාරය
කිරීමේදී පරෙස්සම් වන්නැයිද ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්නට තවදුරටත් අනතුරු අගවා ඇත.
සංචාරක අවදානම් පහත හෙළීමට අමතරව ඇමෙරිකානු රජයේ නිලධාරින්ගේ පවුල්වල අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට සහ එම රජයේ හදිසි නොවන රැකියාවල නියුතු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පවතින ආරක්ෂක පරිසරය නිසා ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂව සැලසීමට ඇමෙරිකානු රජයට හැකියාවක් නැතැයිද ත්‍රස්තවාදීන් පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රහාර එල්ල කරන බැවින් පරෙස්සම් වන්නැයිද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.