පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතු කඩිනමින් නිමකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එම කටයුතු ලබන නත්තලට පෙර නිම කොට දේවස්ථානයේ
නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශය සලසා දෙන බවයි.

මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ අද (29) උදෑසන නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

ප්‍රහාරයෙන් අනතුරට පත් පුද්ලයන්ගේ ශාරීරික හා මානසික හානි සුවපත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද අගමැතිවරයා එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

එමෙන්ම දේවස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටින යුධ හමුදා නිලධාරීන් වෙත සිය ප්‍රසාදය පල කළ කිරීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.