සමන්තුරය 2019.07.29 වන අද දින උදෑසන කාලයේදී සමන්තුර පොලිස් වසමේ 153, ඉමාමි රෑම් පාසල පාර, නින්දවුර් 14 ලිපිනයේ පිහිටි නිවසේ සිටි වයස මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙක් පිහියකින්
ගෙල කපා ඝාතනය කර ඇති බවට

සමන්තුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙම දැරියන්ගේ මව මේ වන විට සමන්තුරේ රෝහලට ඇතුලත් වී ඇති අතර, සමන්තුරේ පොලීසිය විසින් මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධව සැකපිට දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත. මෙම සැකකාර කාන්තාව මීට පෙර මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත. සමන්තුරේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.