රුපියල් කෝටි ගණනක මුදල් ලබාගෙන ඔවුන්ට ලාභාංශ ගෙවමින් හා ඉදිරි දින යෙදූ චෙක්පත් ලබාදෙමින් සිට උන්හිටිහැටියේ දිවයිනෙන් පැනගොස් තිබීම හේතුවෙන් අගතියට පත් පිරිස් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.
නීතිඥ ඉන්දික ප්‍රනාන්දු මහතා වෙත දිවුරුම්
ඒ මහතා එසේ කිවේ අගතියට පත් පාර්ශ්වය සමඟ වයික්කාල අරලිය ශාලාවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. මෙම චේතනාන්විත මූල්‍ය වංචාව සිදුකර ඇත්තේ වසර 10කට වැඩි කාලයක් පුත්තලම් දිස්ත්‍රික්කයේ වාණිජ බැංකු ශාඛා රැසක නීති නිලධාරිනියක ලෙස සේවය කළ නීතිඥවරියක බවද එම පැමිණිලි පාර්ශ්වයේ නීතිඥ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මූල්‍ය වංචාව සිදුකළ නීතිඥවරියගේ සැමියා බව
මෙම මූල්‍ය වංචාවට ලක්ව ඇති පිරිස අතර මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් සේම තම කනකර උකසට තබා ඇයට මුදල් ලබාදී මාසිකව ලාභාංශ ලබාගත් අයත් සිටින අතර වසර ගණනාවක් මාසිකව ලාභාංශ ගෙවමින් හා ඉදිරි දින යෙදු චෙක්පත් ලබාදෙමින් ගනුදෙනුකරුවන් රැවැටිම කර එම මුදල්ද රැගෙන රටින් පැනයැම ඇයගේ එකම උපාය මාර්ගයක් වී ඇති බවද වාර්තා වේ.
-රොස් කොලින්-