https://www.gossiplankanews.com/2019/07/10parties-with-slpp.html
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් අද විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹුණි.
පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවම් ගිවිසුම්වල අත්සන් තැබීය.
හේම කුමාරගේ  මව්බිම ජනතා පක්ෂය, කරුණා අම්මාන්ගේ
තමිළ එක්සත් නිදහස් පෙරමුණ,

ලංකා කම්කරු එක්සත් පෙරමුණ , ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය , එක්සත් ලංකා මහ සභාව, භූමි පුත්‍ර පක්ෂය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹිණි‍

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් ට ආරාධනා කර තිබුණත් සහභාගිවීමෙන් වැළකී සිටීමට පොහොට්ටුව සමග අත්වැල් බැඳගෙන සිටි ප්‍රධාන පක්ෂ 8 ක් ඊයේ තීරණය කර තිබූ අතර
මහජන එක්සත් පෙරමුණ , ජාතික නිදහස් පෙරමුණ , ලංකා සම සමාජ පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ,ශ්‍රී ලංකා මහජන පක්ෂය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ  ඇතුළු පක්ෂ 8ක් අද පැමිණියේ නැත.

 එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ  තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බවකි.
කෙසේ වෙතත් එම පක්ෂ 8 පොහොට්ටුවෙන් ඉවත්ව නැති අතර වර්ජනය කර විරෝධය පළ කර ඇත්තේ අනෙක් සුළු පක්ෂ එක්වීම සම්බන්ධයෙනි.