ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂෙත්‍රයේ නොමැකෙන නමක් තැබූ ලසිත් මාලිංග පසුගියදා එක්දින පිටියෙන් සමුගත්තේය. ඔහු ගැන ලෝකය කතාකිරීම වඩාත් වැඩි වූයේත් ඔහුව අයිපීඑල් ඇතුළු වෙන්දේසිවල ඉහළින් අලෙවි වන ක්‍රිඩකයෙකු බවට පත්වූයේත් කාලාන්තරයක් තිස්සේ දැක්වූ දක්ෂතා අතර සුවිශේෂ කඩඉම් පසුකළ නිසාය.

 එදා මෙදා තුර එක් දින ජාත්‍යන්තර තරග 225 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී කඩුලූ 335 ක් බිඳ දමා ඇත. ඒ අතරට කඩුලූ ත්‍රිත්වයන් තුනක් ඇතුළත් වෙයි.

ඒ කඩුලූ ත්‍රිත්ව තුන අතරින් එක අවස්ථාවක පන්දු හතරකදී කඩුලූ හතරක් බිඳ දමා තිබෙයි.2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණයට ලකුණු 4 ක පමණක් ඉතිරිව තිබියදී 6,7,8 හා 9 වන කඩුළු ලබාගෙන අසීරු අඩියකට පත් කළේ ඔහුය.

මෙවැනි දස්කමක් ලොව කිසිදු ක්‍රීඩකයෙකු සිදු කර නැත. එම තරගය ශ්‍රී ලංකාව පරාජය වුණත් අවසනා මොහොතේ මාලිංග දැක්වූ දක්ෂතාවය ගැන ක්‍රිකට් ලෝකයම කථාකරන්නට විය. ඔහුගේ 'ටර්නින් පොයින්ට්' එක වූයේ එම තරගයයි.
මේ සමග පළවන්නේ එහි වීඩියෝවයි.