පසුගිය සමයේ තාවකාලිකව නතර කර තිබූ මෙරට සංචාරය කරන්නන්ට දෙන නිදහස් වීසා ව්‍යාපෘතිය නැවත වතාවක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මේ සදහා සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි
ආගමික කටයුතු අමාත්‍ය
ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පෙරේදා (23) හිමි විය.මීට පෙර නිදහස් පදනම මත වීසා ලබාදී තිබුණේ තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පුරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විට්සර්ලන්තය සහ කාම්බෝජය යන රටවල සංචාරකයනටය.
එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසු රට නැවත යථා තත්වයට පත්ව ඇති බැවින් ඉහත රටවල්වලට අමතරව යුරෝපා සංගමයට අයත් ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල් සහ පිලිපීනය, රුසියාව, චීනය, ඉන්දියාව සහ එංගලන්තය යන රටවල්වල සංචාරකයනටද මෙරටට පැමිණිමට නිදහස් වීසා පහසුකම් හිමි වේ.
-තියේෂා ද සිල්වා-