වවුනියාව, ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැලෑවක් තුළ තිබී බිම් බෝම්බ පුරවන ලද බෑගයක් පෙරේදා (29දා) ඕමන්ත පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම මල්ලේ බිම්බෝම්බ 25ක් සමඟ ආර්.පී.ජී.
උන්ඩයක්ද තිබූ බව ඕමන්ත
පොලිසිය ප්‍රකාශ කරයි.

බෝම්බ පුරවන ලද මල්ල බොහෝ සෙයින් දිරා ගොස් එම මල්ලෙන් බිම් බෝම්බ එළියට පැන තිබූ අතර පොලිසිය විස්වාස කරන්නේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ප්‍රයෝජනයට ගන්නා ලද බිම්බෝම්බ මේ අන්දමට සුරැකිව තබන්නට ඇති බවයි. පොලිසිය වෙත ලද තොරතුරක් මත අදාළ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව ඇති අතර, සොයාගත් බෝම්බ සම්බන්ධයෙන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නික්‍රිය අංශ දැනුවත් කොට ඇත.

-රසාදි චතුරංගි ගමගේ-