ඊයේ ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර පාරේ නවතා තිබූ පොලිස් වාහනයක් නොසැලකිල්ලෙන් හප්පාගෙන පළාගිය වෑන් රථයක් ගැන සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව එම වාහනය සොයාගන්නට එරට පොලිසිය
සමත්ව ඇති අතර වැඩිදුර
සොයාබැලීමේදී ඕස්ට්‍රෙලියානු ඩොලර් මිලියන 200 කට ආසන්න විශාල වටිනාකමකින් යුතු කිලෝ 270 ක බරින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් එම වෑන් රථයේ ප්‍රවාහනය කරමින් සිටි බවට තොරතුරු හෙළිව ඇත.
මෙම වෑන් රථය සමග 28 හැවිරිදි තරුණයෙකුද අත්අඩංගුවට පත් විය.
පාරේ නවතා තිබූ වාහනවල ඩෑෂ් කැම්වල මෙම පළාගිය රථය හා එහි කලබලකාරී රියපැදවීම සටහන්ව තිබූ අතර පොලිසියට පහසුවෙන් එම රථය කොටු කරගන්නට ඒවා උපකාරී වී තිබේ.
අදාළ රථය එලෙස ගමන් කළ අයුරු වීඩියෝ පහතින්