අකුරැස්ස නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රුපියල් ලක්ෂ 29 ක මුදලක් වෙනත් බැංකුවක තැන්පත් කිරීමට යාමේ දී එය කොල්ලකා පලා ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අද (01) දහවල් වෙල්යායක සැඟව සිටියදී කොල්ල කෑ මුදල් සමග අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය
කියයි.
එම මූල්‍ය ආයතනයේ මුදල් අයකැමි සහ තවත් නිලධාරීයෙකු යතුරු පැදියකින් මුදල් රැගෙන මීටර් තුනක් පමණ ඉදිරියට ගමන් කරමින් සිටියදී ගිනි අවියත් රැගෙන මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරියට පැමිණ මුදල් කොල්ලකා තිබේ.
මූල්‍ය ආයතනයේ නිලධාරීන් පැමිණි යතුරු පැදියෙන් පලා යාමට උත්සාහ කිරීමේදී මුදල් අයකැමි යතුරුපැදියේ යතුර අසළ පිහිටි ඇළකට වීසිකර දමා ඇති අතර පසුව කොල්ලකරුවන් මුදල් බෑගයද රැගෙන අසල පිහිටි වෙල්යායක සැඟවී ඇති අතර අකුරැස්ස පොලිස් නිලධාරීන් කළ පුළුල් මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනා මුදල් සමඟ අත්අඩංගුවට ගෙන ඇත .
මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කිරීමට පැමිණි මුදල් අයකැමි සහ අනිත් පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා අකුරැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.