ගැනීමට නාවලපිටිය පොලිසිය සමත්ව ඇත. නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ මාපාකන්ද පන්විල පදිංචිව
සිටි මොහු මාපාකන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි. දාහත් හැවිරිදි කාවින්ද මදුසංඛ නමැති පාසල්
සිසුවා මෙලෙස මියගොස් ඇත.
පසුගිය දහහතර වැනිදා (14දා) සිට නිවෙසින් අතුරුදන් වූ මෙම පාසල් සිසුවා පිළිබඳව නාවලපිටිය
පොලිසිය වෙත නිවැසියන් පැමිණිලි කර තිබේ.
තොරතුරක් නොලැබුණු අතර පසුගියදා 19 වැනි දින නිවෙසට යාබදව පිහිටා ඇති ගල් ලෙනක තිබී මළ සිරුර සොයාගෙන තිබේ.
අතුරුදන් වූ සිසුවා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් සොයා ගැනීමට
උත්සාහ කර ඇතත් එම සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ. මළ සිරුර සොයා ගන්නා විටත් දැඩි ලෙස
නරක් වී තිබී ඇති අතර සිරුර පිළිබඳව නාවලපිටිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
ගම්පොළ කොට්ඨාසය භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි නාවලපිටිය පොලිසියේ
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ද සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් නාවලපිටිය පොලිසියේ
නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
නවතිස්පනේ - ඩී.එම්.ඩී. සිසිරෙ