මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට අධි චෝදනා භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය (අංක2) විසින් නියෝග කළේය.
ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් අමල් රණරාජා යන මහත්වරුන්ගෙන්
අධි චෝදනා පත්‍ර භාර භාරදීමේන් පසුව විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වර්තාවක් කැඳවන ලෙසටද නියෝග කෙරිණි. නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත අගෝස්තු මස 2වැනිදා කැඳවන ලෙසද නියෝග කෙරිණි.
මෙහි පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සොලිස්ටර් ජනරාල් අයේෂා ජීනසේන මහත්මිය පෙනී සිටියාය. විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකාර නලීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.
-කේ.එස්.උදයකුමාර්-