පිටකොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වායුසමනය කළ බෝට්ටු මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට නියමිතයි.
මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා
බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන තිබෙයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා නාවික හමුදාව නිර්මාණය කළ වායුසමනය කළ මගී ප‍්‍රවාහන බෝට්ටුවේ ප‍්‍රථම නිරීක්ෂණ චාරිකාව මහනගර ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවුණා. මෙම සේවාව ඇරඹීමත් සමඟ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා විනාඩි පහළොවකටත් වඩා අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මෙය මාර්ග තදබදයට කදිම විසඳුමක් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්ය.