පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වෙත පුපුරන ද්‍රව්‍ය සැපයූ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් පසු කුලියාපිටිය
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ලබන මස 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය ඊයේ (29දා) නියෝග කළාය.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව පැවසෙන තවත් සැකකරුවන් තිදෙනකුට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවම නාරම්මල, කැකුණගොල්ල ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් මොහොමඩ් අමීර් නමැති අදාළ සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදී, සෙසු සැකකරුවන් තිදෙනෙකු සමගින් අදාළ සැකකරුද රකෂිත බන්ධනාගාරගත කෙරී  එහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරිකෂණ
දෙපාර්තමේන්තුව පවසා සිටියේ, සහරාන් හෂීම් නමැත්තා සමග පාස්කු ප්‍රහාරයේ සැලසුම්වලට සහභාගි වූ බවට තිබූ තොරතුරු මත ඊයේ (29දා) අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු මැයි මස 06 වැනිදා අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය මත රදවාගෙන ප්‍රශ්න කළ බවයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු රැඳවාගෙන ප්‍රශ්න කරන බවත් මෙවැනි සිදුවීමක පරික්‍ෂණ දැඩි සංකීර්ණ බවත් පැවසූ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීම් පනතේ 'ඉ' හා 'උ' වගන්ති ප්‍රකාරව සැකකරුවන් ඉදිරිපත් කරන බවද පැවසීය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්  සයින්දමර්දු, කල්මුණේ, වනාතවිල්ලුව හා නාරම්මල ආදී ප්‍රදේශවල තිබී හමු වූ නඩු භාණ්ඩද අධිකරණයට ඉදිරිපත්
කර ඇති බවයි.

 ඒහිදී වෙඩි බෙහෙත් අලෙවි කළ බවට අත්අඩංගුවට පත්ව සිටින වැන්සස් ලාසරස් හා විජිත ජයරත්න නමැති සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, දැනට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන තම සේවාදායකයන් නීත්‍යනුකූල බලපත්‍ර සහිතව එම ව්‍යාපාරයේ නියැළෙන බවත්, 2019 වසර සදහාද එම බලපත්‍ර වලංගු බවත්ය.

එහෙත් අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් පැවසුවේ, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පුපුරන ද්‍රව්‍ය ත්‍රස්තයන් අතට පත්කර ඇතැයි විමර්ශනවලදී හෙළි වූ බවයි. දිවයිනේ ස්ථාන 08කදී සිදු වූ පිපිරුම්වලට ඍජුව භාවිත කර ඇත්තේද අදාළ සැකකරුවන් විසින් නිකුත් කරන ලද පුපුරන ද්‍රව්‍ය බවද අපරාධ පරීක්‍ෂණ සිදපාශිමේන්තුව වැඩිදුරටත් කරුණු දැක්වීය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු සැකකරුවන් අගෝස්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

-දිනේෂ් උපේන්ද්‍ර-