අද එංගලන්තයේ ලෝඩ්ස්හි පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් අවසන් තරගයට කාලගුණයෙන් බාධා නැති බව බීබීසී නාලිකාවේ කාලගුණ නිවේදන මගින් තහවුරු කර තිබේ.
එංගලන්තය හා නවසීලන්තය සහභාගී වන
මෙම තරගය
නැරඹීමට සත්කාරක එංගලන්ත ක්රිකට් රසිකයින්ගේද මහත් උනන්දුව ඇති අතර මෙවර තරගාවලිය පුරා පැවති වර්ෂා බාධාව අවසන් තරගයටත් පවතීද යන දෙගිඩියාව පැනනැගී තිබිණි. කෙසේ වෙතත් බීබීසී කාලගුණ අනාවැකියෙන් පැවසෙන්නේ උදෑසන හා දහවල් තරමක වළාකුළු සහිත කාලගුණයක්ද සවස වන විට හිරු රැස් සහිත කාලගුණයක්ද උස්ණත්වය සෙල්සියස් අංශක 20 ක්ද එම ස්ථානයේ පවතිනු ඇති බවත් තරගයට කාලගුණය හරස්වීමක් නොපෙනෙන බවයි.