ජාතික සත්වෝද්‍යානයට අඩුවක්ව පැවැති ''ජගුවර්'' ගැහැනු සත්වයෙකු
නෙදර්ලන්තයේ "ආට්ස් ඇටිට්‍රඩ්‍රැව් රෝයල්"
සත්වෝද්‍යානයෙන් ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළට පසුගිය ජුනිමස22 වැනිදා ගෙන එනු ලදුව මාසයක කාලයක් සත්ව නිරෝධායනයට යොමු කර ඊයේ (23දා) මහජන ප්‍රදර්ශනයට මුදාහළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශන මහත්මිය පවසා සිටියාය.

ගැහැනු සත්ත්වයකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 7O - 100ත් අතර වනු ලබන අතර පිරීමි සත්වයෙකු කිලෝග්‍රෑම් 100ත් 30ත් අතර වැඩෙන බව අධ්‍යක්ෂකවරයා සඳහන් කළාය.

මෙම ජගුවර් සත්වයා මහජන ප්‍රදර්ශනයට යොමුකළ අවස්ථාවට සත්වෝද්‍යාන සේවක පිරිස සමග නරඹන්නන්ද විශාල පිරිසක්  සහභාගී වී සිටියහ.

එච්.එච් ධර්මපාල