රටට අවශ්‍ය පුද්ගලයෙක් ඉදිරි ජනාධිපතිවරණය සඳහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. විසින් නම් කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත්
දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට අස්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලබන ජනාධිපති අපෙක්ෂයා සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනා ආශීර්වාද ලබා දිය යුතු බව චමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණය සඳහා සූදානම් දැයි මාධ්‍යවේදීයෙකු විසින් ඇසු ප්‍රශනයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ තමා දේශපාලනයට පැමිණි දින සිටම ඕනෑම දෙයකට සූදානමින් සිටි බවයි.