තම පියා, තම මව මෙන්ම තමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.යක්කල, වීරගුල පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
“දේශපාලනය කර කර ඉන්නවට වඩා මට මේ වගේ දේවල් (සමාජ සේවා) කිරීමෙන් සතුටක් ලැබෙනවා.
මම දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි දැන් තිබෙන්නේ.මගේ අම්මා, තාත්තා, මම හදපු පක්ෂය දැන් නෑ. මම දන්නේ නෑ මොනවත්. ”
රුවන් කාශ්‍යප