මේ ආකාරයෙන් ඉකුත් 26 රාතී‍්‍ර කාලයේදී ටිපර් රථ හයක් මඟින් තෙවරකදී හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ විශාල පොල් වත්තක් තුලට රැගෙනවිත් පුළුස්සමින් තිබූ අපද්‍රව්‍ය කන්දක්, 27 දින සවස ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සොයා ගැනීමට හැකි වූ බවත් තමන් එම ස්ථානයට යන අවස්ථාවේද
පසුව ප්‍රදේශයේ මහජන සෙඛ්‍ය වෛද්‍ය නිළධාරීන් හා හංවැල්ල පොලිසිය පැමිණ මෙම අපද්‍රව්‍ය පරීක්ෂාවේදී එහි තිබූ ලිපි ගොනු ගණනාවක කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට අයත් ලිපි ගොනු රාශියක් එම අපද්‍රව්‍ය කන්දෙහි තිබී හමු වූ බවත් එම අපද්‍රව්‍ය කිසිදු වෙන්කිරීමකින් තොරව එක්රැස් කල අපද්‍රව්‍ය බවට අනාවරණය වූ බවත් සභාපතිවරයා පවසනවා.
ඒ අනුව අදාල අපද්‍රව්‍ය පිලිස්සෙමින් තිබූ වත්තෙහි වතු අධිකාරවරයා සැකපිට අත් අඩංගුවට ගෙන බැදුම්කරයක් මත මුදා හැරීමට කටයුතු කල බවත් සිද්ධිය සම්බන්ධව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් හංවැල්ල පොලිසිය පැවසුවා.
මේ අතර අවිස්සාවේල්ල මහදෙනිය ප්‍රදේශයේ සිට පල්ලෙකනුගල ගම්මානයට යන මාර්ගයද සම්පූර්ණයෙන් අවහිර වන පරිදි කිසියම් පිරිසක් විසින් අපද්‍රව්‍ය ලොරි කිහිපයක් ගෙනවිත් දමා තිබියදී ලද පැමිනිල්ලක් මත පරීක්ෂණ සිදු කල බවද අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.
එම අපද්‍රව්‍ය ගොඩෙහීද ප්ලාස්ටික්, පොලිතින්, ලිපි ද්‍රව්‍ය සහ ඉදුල් ආදී අප ද්‍රව්‍ය රැසක් තිබූ බවත් එම ස්තානයට ටිපර් රථ දෙකක පමණ අපද්‍රව්‍ය ගෙනවිත් දමා තිබූ බවත් සැක පල කල හැකි බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.