ප්‍රශිලා සමරවිර මහත්මිය පැවැසුවාය.
ඩෙංගු රෝගය වයිරස් කාණ්ඩ 4කින් සෑදෙන බවත් ඒ නිසා එක් පුද්ගලයකුට හතර වතාවක් ඩෙංගු වැලඳීමේ අවදානම තිබෙන අතර එහිදි යළි ඩෙංගු රෝගයකට ගොදුරු වීම ඉතා දැඩි අවදානමක් බවද ඇය පැවැසුවාය. ඒ නිසා ඩෙංගු රෝගය අවම කර ගැනීමට තම නිවෙස මෙන්ම අවට පරිසරය ඩෙංගු කීටයන් බෝ නොවන ලෙස පවත්වාගෙන යායුතු බවද ඇය කියා සිටියාය.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,267 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඒ පිරිස 10,522ක් බවත් ඇය පෙන්වා දුන්නාය.
-උදයන්ති මුණසිංහ-